ව්‍යාපාරික පුවත්

වතු සමාගම් කඩාවැටෙමින් පවතින බවට ඇති දැඩි අනතුරු ඇඟවීම් මධ්‍යයේ යෝජිත වතු කම්කරුවන් සඳහා රු.1000ක් වැටුප් වැඩිකිරීම තේ කර්මාන්තයේ කඩාවැටීමට හේතුවක් වනු ඇති බවට තේ වතු හිමියන්ගේ සංගමය පවසයි.

නමුත් රජය අවධාරනය කර ඇත්තේ තීරණය කළ පරිදි වැටුප් වැඩි කිරීම ලබා දිය යුතු බවයි

කර්මාන්ත ආරංචි මාර්ග වාර්තා කරන පරිදි ඊපීඑෆ්, ඊටීඑෆ් සහ පාරිතෝෂිකය සමඟ යෝජිත වැටුප් වැඩිකිරීම මගින් වියදම රු. බිලියන 6කින් ඉහළ යන බවයි.

පසුගිය සිකුරාදා පැවති කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ප්‍රථම වතාවට සහභාගී වූ ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC) වූ රැස්වීමකදී හාම්පුතුන් මේ පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළහ.

ප්‍රවීණ වෘත්තීය සමිති නායක පාලිත අතුකෝරළ මහතා සඳහන් කරන පරිදි හාම්පුතුන්ගේ සම්මේලනයේ (EFC ) අධ්‍යක්ෂ ජනරාල් / ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරසිංහ මහතා මෑතකදී පැවැත්වූ කැබිනට් තීන්දුව විවේචනය කරමින් වතු සමාගම්වලට මෙම මුදල ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කර ඇත.

වතු වෘත්තීය සමිති සහ වැවිලි සමාගම් අතර වැටුප් සම්බන්ධයෙන් දැනටමත් සාමූහික ගිවිසුමක් ඇති බවත්, නව තීරණය මෙම ගිවිසුමට බලපානු ඇති බවත් ය.

නමුත් NLAC නියෝජනය කරන වෘත්තීය සමිති කෙසේ වෙතත් වැටුප් වැඩි කිරීමට සහාය දැක්වීමට තීරණය කර ඇත.

ප්‍රාදේශීය වැවිලි සමාගම් 22 (RPC) නියෝජනය කරමින් එම සමාගම් දැඩිව ප්‍රකශ කර ඇත්තේ මේ වන විට ඔවුන් හා සමඟ ගිවිසුම අත්සන් කළ වෘත්තීය සමිති දෙකක් වන ලංකා කම්කරු සම්මේලනය (CWC) සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය (LJEWU) වර්තමාන වැටුප් තීරණය කරන සාමූහික ගිවිසුමකට බැඳී සිටින බවත්, මෙම ගිවිසුම අවම වශයෙන් 2021 ජනවාරි දක්වා බල පැවැත්වෙන බවත්ය

එනිසා, යෝජිත වැඩිවීම ඔවුන් අනිවාර්යයෙන් කළ යුතු නම්, එය නීතිමය විධිවිධානවලට මෙන්ම සාමූහික කේවල් කිරීම පිළිබඳ මූලික ILO සම්මුතියේ 98 හි සඳහන් වටිනාකම්වලට ද නොගැලපෙන බව ඔවුන් පෙන්වා දෙන ලදී.

මූල්‍යමය වශයෙන් ගත් කල, මෙම පියවර ප්‍රාදේශීය වැවිලි සමාගම් වලට පමණක් නොව කුඩා වතු හිමියන්ට ද විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇති අතර අවසානයේ එය කර්මාන්තයේ බිඳවැටීමට හේතු වනු ඇති බව ඔවුන් කියා සිටියේය.

කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචනා විජේසේකර මහතා කියා සිටියේ තේ ක්ෂේත්‍රයේ සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය මූලිකත්වය ගෙන ඇති බවයි.

සොච්චම් දෛනික වැටුපක් ලබා ගත් වතු කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය බරපතල කාරණයක් බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ වැටුප් වැඩිකිරීමට පියවර ගෙන ඇත්තේ මේ නිසා බවත් ඔහු සඳහන් කළේය.

අගය එකතු කළ බදු (VAT) අනුපාතය 15% සිට 8% දක්වා අඩු කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) අහෝසි කිරීම තුළින් සමාගම්වලට රජය විශාල බදු සහන ලබා දී ඇති බව විජේසේකර මහතා පෙන්වා දුන්නේය.

අපනයන බෝග නිෂ්පාදනයේ යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනාධාර පොහොර ලබා දෙන බව ඔහු මෙහිදී පැවසීය.

කුඩා වතු හිමියන්ට සහන සැලසීමට මැදිහත් වන ලෙස අපි තේ මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ප්‍රකශ කල අතර වතු සමාගම්වලට ලබා දී ඇති සහන සැලකිල්ලට ගෙන එහි ප්‍රතිලාභ කම්කරුවන්ට පැවරීමට නොහැකි කිසිදු හේතුවක් නොමැති බව ඔහු තරයේ කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More