මහ කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ කර ඇතත් එම අස්වැන්න මිලදී ගැනීමට රජය මෙතෙක් වැඩපිළිවෙළක් ආරම්භ කර නොමැත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, නිකවැරටිය, නාරම්මල, ගල්ගමුව ආදී ප්‍රදේශවලත් අක්කරෙයිපත්තු ආදී ප්‍රදේශවලත් අස්වැන් නෙළීම ආරම්භ කර ඇත. මීළඟට උතුරු පළාතේ අස්වැන්න නෙළීම ආරම්භ වන අතර ඒ වන විට වෙළෙඳපොළට වී තොග පැමිණෙනු ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නාඩු වී කිලෝව රුපියල් 52කටත් සම්බා වී කිලෝව රුපියල් 55ටත් මිල දී ගන්නා බව සඳහන් කර ඇත. මහ කන්නයේ කුඹුරු අක්කර ලක්ෂ විස්සක් පමණ වගාකර ඇති අතර අපේක්ෂිත අස්වැන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තිස්පන් දහසක් වේ. කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකියාව ඇත්තේ මුළු අස්වැන්නෙන් සියයට පහක ප්‍රමාණයකි.
මේ සම්බන්ධයෙන් වී ඇලෙවි මණ්ඩලයේ සභාපති ජේ. ඒ. ටී. එල්. මාන්නම්පෙරුම ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් එළැඹෙන සතියේ තීරණයක් ගන්නා බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...