දේශීය පුවත්

පක්‍ෂයේ විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්‍ෂකත්වය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය.

පක්‍ෂය විනය කඩ කිරීම නිසා එච්.එච්.එම්. ෆවුසි මහතාට මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, මීට අමතරව විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම හතර දෙනාට පෙරේදා (18දා) දින විනය කමිටුව ඉදිරියේ පෙනීසිටින ලෙසට දන්වා යැවූවද, ඔවුන් ඒ සඳහා කල් ඉල්ලා තිබෙන බවත්, ඒ සඳහා හතර දෙනාටම අවස්ථාව ලබාදී තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම විනය ක්‍රියාමාර්ග නීත්‍යනුකූල ආකාරයට සිදුකරන බවත්, මේ නිසා ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණව අවස්ථාව ලබාදෙන බවත් ඒ මහතා පැවසීය.

පක්‍ෂය ගත් තීන්දු තීරණවලට පිටින් කටයුතු කිරීම හා පක්‍ෂයට විරුද්ධව කටයුතු කිරීම යන චෝදනා මත මෙම පස්දෙනාට විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවත්, එම නිසා අපේක්‍ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බවත් වීරකුමාර දිසානායක මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More