දේශීය පුවත්

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වී ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන්ට මෙවර නාමයෝජනා ලබා නොදෙන ලෙස මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පක්ෂ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති වියත් පවුර සම්මන්ත්‍රණයට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහනසේ පවසා සිටියේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තීරණාත්මක බවයි.

යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ යුත්තේ කළ හැකි වැඩක් බවද සඳහන් කර සිටි උන්වහන්සේ, ජනතාව ප්‍රතික්ෂේප කර ලැයිස්තුවෙන් ගත් පිරිසට නාමයෝජනා නොදී සිටිය යුතු බවත් පැවසීය.

ජනතාව විසින් එවැනි පිරිසක් පාර්ලිමේන්තු නොයා යුතුයි යනුවෙන් තීරණය කර ඇති බවත් එම අඩුපාඩුව වෙනුවෙන් දේශහිතෛෂී මිනිසුන් පාර්ලිමේනතුවට යැවීමට වැඩ කළ යුතු බවත් අභයතිස්ස හිමියන් සඳහන් කර සිටියේය.

සමහර විට අදියර දෙකක් හෝ තුනක් යටතේ ලංකාවේ පාර්ලිමේන්තුව සකස් කිරීමට සිදුවන බවත් සඳහන් කර සිටි උන්වහන්සේ, දැන උගත් රටට ආදරය කරන අලුත් මුණු අවම වශයෙන් 60 ක් 70 ක් හෝ පාර්ලිමේන්තුවට යවා ගැනීමට හැකි වන්නේ නම් සිහිනය සැබෑ වෙන බවත් පැවසීය.

“රජෙක් හැදුවේ වැඩ කරන්න. ඒ නිසා වැඩ කර ගැනීමට අවශ්‍ය සිහසුන තියෙනවා රටක් නෑ. ඒ නිසාවෙන් සිහසුනට රාජ්‍යයක් නිර්මාණය කිරීම ඉදිරි මාස දෙක තුන ඇතුළේ කළ යුතුයි.“ යනුවෙන් ද අභයතිස්ස හිමියන් මෙහිදී කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More