විදේශ පුවත්

මියන්මාරයේ නායිකාව වන අවුන් සාන් සුකි මේ වනවිට සිටින්නේ බටහිර ලෝකයෙන් හුදෙකලා වෙමිනි. ඒ පසුගිය කාලයේ එරට රොහින්ජ්‍යා ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙනි. රොහින්ජ්‍යා ජනතාව ඉලක්ක කර ජන සංහාරයක් සිදු කළ බවට මියන්මාර හමුදාවට එරෙහිව බටහිර රටවලින් විශාල වශයෙන් චෝදනා එල්ල වූ අතර අවුන් සාන් සුකි හමුදාව වෙනුවෙන් පෙනී සිටීම නිසා ඇයද දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් විය.

කෙසේ හෝ වේවා, ඇය බටහිර ලෝකයෙන් හුදෙකලා වෙද්දී චීනය වඩාත් ඇය වෙත සමීප වීමට උත්සාහ කරමින් සිටින බැව් පෙනේ. පසුගිය සති අන්තයේ චීන ජනාධිපති ෂී ජින්පිං මියන්මාරය තුළ දෙදින සංචාරයක නිරත වෙමින් එරට සමග ගිවිසුම් රැසක් අත්සන් කිරීමට කටයුතු කළේය. චීන ජනාධිපතිවරයෙකු මියන්මාරයේ හි සංචාරය කළේ වසර 19 කට පසුව වීමද විශේෂත්වයකි. ෂී ජින්පිං සහ අවුන් සාන් සුකි මේ ආකාරයෙන් ගිවිසුම් 33 කට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. මේ බොහෝ ගිවිසුම් චීනයේ ප්‍රධාන ආර්ථික ව්‍යාපෘතිය වන ‘තීරය සහ මාවත’ (Belt and Road Initiative) ව්‍යාපෘතියට අදාළ ගිවිසුම්ය.

චීන මියන්මාර ආර්ථික කොරිඩෝව පිළිබඳ ව්‍යාපෘතියට අදාළ කටයුතු වේගවත් කිරීමටද නායකයන් දෙදෙනා එකඟ වී ඇති බව සඳහන් වෙයි. මෙය ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් ලෙස සැලකේ. එමෙන්ම චීනය සහ ඉන්දියානු සාගරය යා කරන දුම්රිය මාර්ග, වරායක්, විශේෂ ආර්ථික කලාපයක් සහ නව නගර ව්‍යපෘතියක් සම්බන්ධයෙන් ඔවුන් එකඟතාවන්ට පැමිණ ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More