දේශීය පුවත්

පස් හා වැලි ප්‍රවාහනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මගින් නතර කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කැබිනට් ඇමැතිවරු 16 දෙනාම වගඋත්තරකරුවන් ලෙස ඉදිරිපත් කරමින් ඉකුත් 17 වැනිදා අභියාචනාධිකරණයේ රිට් නඩුවක් ගොනු කරන ලදී.

1992 අංක 33 දරන පතල් හා ඛනිජ සම්පත් පනතට ප්‍රකාරව පැවති පස් හා වැලි ප්‍රවාහනය සඳහා පැවති බලපත්‍ර ක්‍රමයට ඉකුත් වසරේ (2019) දෙසැම්බර් මස 04 වැනිදා ගත් කැබිනට් තීරණයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. මෙම බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම නිසා වැලි ප්‍රවාහනය සහ කැණීම් වැඩිවී ඇති බවත් අදාළ පෙත්සමේ සඳහන් කර ඇත.

අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස කැබිනට් ඇමැතිවරුන් 16 දෙනකු, භූවිද්‍යා හා පතල් කාර්යාංශය, පොලිස්පතිවරයා, නීතිපතිවරයා නම්කර තිබේ. මෙහිදී පොලිස්පතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, ප්‍රවාහන බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ නඩුවේ සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More