දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ නව සැලසුමක් ලෙස ‘නිදහස් අධ්‍යාපන ආයෝජන කලාප’ පිහිටුවීමට සැරසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. හෙතෙම මෙසේද කීය:

‘‘ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ දීර්ඝකාලීන උත්සාහය අනුගමනය කරමින් අධ්‍යාපනය විකිණීමේ නව වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් සැලසුම් කරමින් තිබෙනවා. මේ යටතේ නිදහස් අධ්‍යාපන කලාප නම් කරමින් ඒ තුළ අධ්‍යාපනය විකිණීමේ ආයතන ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් තිබෙනවා.

මේ සම්බන්ධව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් 2019 දෙසැම්බර් 24 ඉදිරිපත් කළ කැබිනට් සංදේශ තුනකින් තොරතුරු අනාවරණය වෙනවා. 2019/30 කැබ්නට් සංදේශය තුළින් ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන කලාපයක් ඇති කිරීමට යෝජනා කරනවා.

අධ්‍යාපනය සඳහා ආ​​යෝජන ගෙන්වාගෙන අධ්‍යාපනය වෙළෙඳ පොළකරණය කිරීමේ අරමුණ ඇතිව ආණ්ඩුව කටයුතු කරනවා. ‘නැගී එන දකුණු ආසියාවේ ආර්ථිකයන් ඉලක්ක කරගත් නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපයක් මෙරට ස්ථාපනය කිරීම කියන මාතෘකාවෙන් මේ කැබිනට් සංදේශයේම සඳහන් වන ආකාරයට, හොරණ මිල්ලෑව ප්‍රදේශයේ තියෙන අක්කර 700 ක් පමණ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් මේ සඳහා වෙන්කරනු ලබනවා.

අධ්‍යාපන කඩවල මුදලාලිලාගෙන්, ඒ සමාගම්වලින් බදු අයකරන්නවත් ආණ්ඩුවට බෑ.

මේ අය විපක්ෂයේ ඉඳිද්දී පහුගිය ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමට ගෙන ගිය වැඩපිළිවෙළ විවේචනය කළා. අගමැති මහින්ද ඒ කාලේ විශේෂ ප්‍රකාශයක් කළා කිසිසේත්ම තමන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නේ නෑ කියලා. නමුත් දැන් බලයට ආවම පළවෙනි මාස දෙක යනකොට අධ්‍යාපන පෞද්ගලිකකරණයට හා ඒ සඳහා නීතියට පිටින් අධ්‍යාපනය විකුණණ කලාපයක් හදන්න යෝජනා කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More