දේශීය පුවත්

රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දිවයින පුරා රැකියා අපේක්ෂිත උපාධිධාරින් නියෝජනය කරමින් පැමිණි පිරිසක්  සමග අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු රැස් කොට තිබේ.

පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීම කඩිනමින් සිදු කෙරේ.

රැකියා ලාභීන්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබාදීමට නියමිතය.

ජනතාවට වගකියන රාජ්‍ය සේවයක් සහ රාජ්‍ය සේවකයෙක් බිහි කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

නුපුහුණු ශ්‍රමිකයන් රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන සාධකය වී තිබේ. සෙසු රටවලට සාපේක්ෂව ශක්තිමත් පදනමක් සහිත කර්මාන්ත රට තුළ ගොඩනැගී නැත.

රටේ ඉදිරි ගමනට ඇති විශාලතම ශක්තිය මානව සම්පතයි. එබැවින් මෙරට බුද්ධිමත් තාරුණ්‍ය නිසි ලෙස කළමනාකරණය කරමින් ආර්ථික වර්ධනයට දායක කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවය දෝෂාරෝපණයට ලක්ව ඇත්තේ සුළු පිරිසක් අතින් සිදුවන වැරදි හේතුවෙනි.

එදිනෙදා සිදුවන අතපසුවීම් සමස්ත රාජ්‍ය සේවය අවඥාවට ලක් කර ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නේ ජනතාව දහදිය මහන්සියෙන් උපයන මුදලිනි.

කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයක් තුළින් තමන්ට වැටුප් ගෙවන ජනතාවට සාධාරණයක් ඉටු කිරීම රාජ්‍ය සේවකයාගේ ද වගකීම බව ජනාධිපතිතුමා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රටේ ආර්ථිකය ද දියුණු කළ යුතුය.

ඒ සදහා රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියා කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More