දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහමැතිවරණය සඳහා තමන්ද ඉදිරිපත් වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“2018 නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ 17ක්. ජනපති ගෝඨාභයගේ ජයග්‍රහණයටත් ඒක ශක්තියක් වුණා. දැන් අප්‍රේල් මාසෙ මහමැතිවරණය එනවා. අත්සන් කළ ගිවිසුම් අනුව එකට තරග කරනවා. ජනපති ගෝඨාභයට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. මම ජනපති වුණ වෙලාවේ මට වෙච්ච දේම තමයි එතුමාටත් වෙලා තියෙන්නේ.

    එදා මහින්දට ආසන 142ක් තිබුණා. නමුත් ආසන 47ක් තිබූ රනිල්ව අගමැති කළා. නමුත් පළමු වසරේ මහින්ද මට සහයෝගයක් දුන්නා. ඒ නිසා ජනපති ගෝඨාභයට ඒ බලය දෙන්න ඕන. ඒකට තමයි අපි මේ වැඩ කරන්නෙ. පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි බලයක් ලබාදීලා ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න. කරපු ඉල්ලීම් අනුව මම මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More