හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවේ.
අද (27) දින අළුයම ඉන්දියාව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (28) දින රාත්‍රි යළි ශ්‍රී ලංකාව බලා පැමිණිමට නියමිතයි.
ආගමික කටයුතු කිහිපයක් වෙනුවෙන් සහභාගී වීම සඳහා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවබලා පිටත්ව ගොස් ඇති අතර එම සංචාරයේදී අන්ද්‍රා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නයිදු මහතා සහ අන්ද්‍රා ප්‍රාන්තයේ කථානායක කේ. ශිවප්‍රසාද් රාඕ මහතා ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.
ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ මහතා ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම සංචාරයට එක්ව සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...