දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවකුගේ අත පල්ලෙන් වැටුණු පක්ෂයක් නොවන බවටත් තමන්ට දිගින් දිගටන කෙණෙහිලිකම් සිදුවන්නේ නම් විකල්ප සොයා යාමට සිදුවනු ඇති බවටත් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අනතුරු හඟවා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් දිගින් දිගටම සිදුවන කෙණෙහිලිකම් පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

“මම හිතන්නේ අපට සාමාන්‍ය සාමාජිකයින්, මන්ත්‍රීවරු, රාජ්‍ය ඇමතිවරු කියන කතන්දර නෙවෙයි වැදගත් වෙන්නෙ. අපට වැදගත් වෙන්නෙ පක්ෂ නායකයින් ඇති කරගත්තු එකඟතාවයන්.

කොහොම නමුත් අපට මේ එකිනෙකා කෙණෙහිලි කරනවා නම්, අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලා නෑ, අපට ඕනෑම අභියෝගෙකට අපි මුහුණ දෙන්න ලෑස්තියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට වඩා දරුණු, බරපතළ විවේචනයන්ට ගොදුරු වෙලා තියෙනවා. මේ විවේචන එතරම් අපට නුපුදුරු විවේචන නෙවෙයි කියලයි මම හිතන්නෙ.

ඉතිං ඒ ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්තියි. සන්ධානය යටතේ අපි වැඩ කරන්න කැමතියි. සන්ධානය ආරක්ෂා කරන්න අපි කැමතියි. හැබැයි අපිව නොසලකා හරිනවා නම් අපට ඒකටත් විකල්ප හොයාගෙන යන්න වෙයි කියලයි මම හිතන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More