දේශීය පුවත්

දැඩි ආරක්ෂාව මැද මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයෙකු  පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි ලබාදුන්නේය.

අනන්‍යතව තහවුරු නොකළ ඔහු 2018 වසරේදී ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් දියත් කළ සැළසුම් රැසක් මෙහිදී හෙළි කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසමට සාක්ෂි ලබා දීම සඳහා ජමාතේ ස්ලාම් සංවිධානයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ පුද්ගලයෙකු  අද පැමිණියේය.

මුහුණ ආවරණය කරගෙන දැඩි ආරක්ෂාව මැද පැමිණි මොහුගේ අනන්‍යතාවය හෙළි නොකරන බව කොමිසම ප්‍රකාශ කළේය.

කොමිසමේ නිලධාරීන් සිටින ස්ථානයට නොපැමිණි ඔහු සාක්ෂි ලබාදුන්නේ, වෙනත් කුටියක සිට විඩියෝ තාක්ෂණය ඔස්සේයි.

මාවනැල්ලේ පදිංචි තමන් මුස්ලිම් ජාතිකයෙකු බවත් 2018 මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවු ගැටුම්වලින් අනතුරුව තමා සහරාන් හෂිම් සමඟ සම්බන්ධ වූ බවත් ප්‍රකාශ කළේය.

එම සිද්ධියෙන් පසු  පහරදීමකට පොළඹවන ආකාරයේ වට්ස් ඇප් ඔස්සේ කළ දේශනයකට තමන් සවන් දුන් බවත් මුහුණු පොත හරහා සහරාන් හඳුනාගත් බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් විසින් අදාළ වට්ස්ඇප් දේශනය සාක්ෂිකරුට ඇසීමට සැලැස්වූ අතර එහිදී ඔහු එය හඳුනාගත්තේය.

සාක්ෂිකරු පැවසුවේ, සහරාන් හමුවූ අවස්ථාවේදී ඔහු සහ අයි.එස්. සංවිධානය සමග පවතින සබඳතා පිළිබඳ ප්‍රකාශ කළ බවයි.

2018 06වන මාසයේ  නුවරඑළිය ප්‍රෙද්ශයේ නිවසක සහරාන් විසින් පැවැත් වු දේශනයකට තමන් සහභාගී වූ බවත් එහිදි සහරාන් විසින් එහි සිටි පිරිසට ටී – 56 ගිනි අවියක් ලබාදුන් බවත් සාක්ෂිකරු මෙහිදී පැවසුවේය.

රජයේ අධිනීතිඥ සුදර්ශි හේරත් මහත්මිය විසින් සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එම දේශනයේදී කුමණ කරුණු පිළිබඳව සාකච්ඡා කළේ ද යන්න පිළිබඳවයි.

එහිදි පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ බොදුබල සේනා සංවිධානය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් සහ බෞද්ධ අන්තවාදය සම්බන්ධයෙන් එහිදී සඳහන් කළ බවයි.

එමෙන්ම 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබා දීම සඳහා මැතිවරණ ව්‍යාපාරයක්ද ගෙනගිය බවට ඔහු සඳහන් කළ බ ව සාක්ෂිකරු කොමිසමට සඳහන් කළේය.

එම දේශනයේදී අවි ආයුධ පෙන්වීම සිදු කළේ කුමක් සඳහාද යන්න පිළිබඳව කළ විමසීමේදී ඔහු සඳහන් කළේ සහරාන්ගේ සංවිධානය සතුවත් අවි ආයුධ තිබෙන බව හැඟවීම සඳහා එම ආයුධ පෙන්වූ බවයි.

අනතුරුව හම්බන්තොට ප්‍රදේශයේ පැවති දේශනකදී ඊට සහභාගි වූවන්ට ඔහු තර්ජනය කර ඇත්තේ, තොරතුරු පිටස්තර පුද්ගලයින්ට දෙන අය අයි.එස් සංවිධානය විසින් ඝාතන සිදුකරන අන්දමට ඝාතනය කරන බවයි.

150 – 200 ත් අතර පිරිසක් සහරාන්ගේ දේශනා සඳහා සහභාගී වූ බවද ඔහු කොමිසමට සඳහන් කළේය.

ඒ අතරතුර වනාතවිල්ලුව අවි ආයුධ සඟවා තිබූ ස්ථානය පොලිසියට හමුවූ බව සහරාන් මාධ්‍ය හරහා දුටු  බවත් එම තොරතුරු පොලිසියට ලබා දුන් පුද්ගලයාගේ නිවසට ගිය සහරාන් ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවත් ඔහු කොමිසමට පැවසුවේය.

එම සිදුවීමෙන් අනතුරුව සහරාන්ගේ මතය වෙනස් වූ බවත් මරාගෙන මැරෙන ක්‍රියාකාරකම් සඳහා පෙළඹුණු බවත් ඔහු සඳහන් කළේය.

පැය අට හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දිමෙන් පසු ඔහු අද පස්වරු 6ට කොමිසමෙන් පිටව ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More