දේශීය පුවත්

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටුමක් මේ වනවිටත් එළිපිටම මතුවී ඇති බවත්  ඒ හේතුවෙන් ආණ්ඩුවට වමට සිග්නල් දමා දකුණට යෑමට සිදුව ඇති බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පවසන ලද්දේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

වර්තමාන ජනාධිපතිවරයා බලයට ඒමට පෙර විශාල පොරොන්දු සංඛ්‍යාවක්  ජනතාවට ලබාදුන් අතර අද ඒ සියල්ල කඩවූ පොරොන්දු බවට පත්වෙමින් තිබෙන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ  කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා

අද ජනාධිපතිවරයා එක පැත්තකට ගමන් කරමින් ඉන්නවා අගමැතිවරයා හා ඔහුගේ ආණ්ඩුව තවත් පැත්තකට ගමන් කරමින් ඉන්නවා. අද අගමැතිවරයා හැර ආණ්ඩුවේ ඇමතිවරු පත් කරන ආයතන ප්‍රධානියා හෙට උදේ වෙනකොට ජනාධිපතිවරයා ධූරයෙන් පහ කරනවා මේක ඇත්තටම විහිළුකාරී තත්වයක් විදියටයි අපිට පෙන්නේ.

මේ ආණ්ඩුව බලයට එන්න විශාල බොරු ප්‍රමාණයක්  සමාජයට හා ජනතාවට කිව්වා ඒ වගේම පසුගිය ආණ්ඩුව කරපු හොද දේ පවා බරපතල විදියට විවේචනය කෙරුවා නමුත් අද මේ ආණ්ඩුව පසුගිය රජය කරපු බොහෝ දේවල් ඒ ආකාරයටම පවත්වාගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා පසුගිය ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන සියල්ලක්ම පාහේ මේ ආණ්ඩුව විසින් කප්පාදු කරනවා. ඒ වගේම මේ ආණ්ඩුව විපක්ෂයේ සිටීමත් ජාතීන් අතර වෛරසය පතුරවන ආකාරයට කටයුතු කරමින් ක්‍රියාත්මක වුනා  සාමාන්‍ය  මිනිසුන් පිළිබඳව පවා එකිනෙකා වෛරය මුසුව බලන තත්වයට සමාජයේ වෛරය වපුරන තැනකට තල්ලු කරමින් කටයුතු කෙරුවා නමුත් අද වෙනකොට ඒ සියල්ල අමතක කරලා දාන්න හදනවා නමුත් ඔවුන් විසින් වපුරන ලද වෛරයේ බීජ තවමත් මේ පොළොවේ තිබෙනවා යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා

ඒ වගේම මට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් කරන්න මේ රටේ දේශපාලන බලවේග රාශියක් ඒ වගේම ජාතික සංවිධාන සහය දුන්නා නමුත් ඒ පිරිස් වලට අද අත්වී ඇති ඉරණම ඉතාම සෝචනීයයි. මේ ආණ්ඩුව අද  ගොවි ජනතාවට වෙච්චි පොරොන්දු කඩකරමින් ඉන්නවා. නොමිලේ පොහොර දෙන්න ආපු ආණ්ඩුව අද වෙනකොට ගොවීන්ට සල්ලි දීලා ගන්නවත් රටේ පොහොර නැහැ. තේ කර්මාන්තය දියුණු කරනවා කිව්වා අද තේ කර්මාන්තය කබලෙන් ලිපට වැටිලා නුදුරේදීම ඛනිජතෙල් මිල ඉහල යාමේ අවධානමක් තියෙනවා. එහෙම වුනොත් පාරිබෝගික භාණ්ඩවල මිලගණන් තවත් ඉහල යාවි. රජයේ සේවකයන්ගේ දීමනා කපනවා. කොටස් මිල වැටෙනවා ආණ්ඩුවට රටේ ආර්ථිකය පිළිබඳව කිසිඳු සැලැස්මක් නොමැති බවයි මේවගෙන් පෙන්න තියෙන්නේ. මේ ආණ්ඩුව හොදි පැකට් එක කඩල ඉක්මනටම ඇඟේ හලාගන්න ආණ්ඩුවක් කියල මට කියන්න පුළුවන් යනුවෙන්ද සඳහන් කළේය.

– කීර්ති දුනුවිල



One thought on “ජනපති අගමැති අතර එළිපිට ගැටුමක්…ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට හරවනවා..- මෛත්‍රීෙගන් දැඩි ප්‍රහාරයක්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More