දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේදි නාම යෝජනා ලබා දෙනුයේ පසුගිය පලාත් පාලන මැතිවරණයේදී සිය මැතිවරණ බල ප්‍රදේශවල ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඊට අමතරව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව සිදු කිරීම, පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය, උගත් හා බුද්ධිමත්කම යන කරුණු පදනම් කර ගනිමින් නාම යෝජනා ලබා දීමට පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කළ බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

එම මූලික සුදුසුකම් වලින් සමත්වන අපේක්ෂකයින් සඳහා මූලික ආචාර්ය ධර්ම පද්ධතියට ද යටත් විය යුතු අතර ඒ සඳහා සියලුම අපේක්ෂකයින් එකඟවන බවට සහතිකයක්ද ඉදිරිපත් කළ යුතු බවත් නාම යෝජනා ලබා දීමෙන් පසු ආචාර්ය ධර්ම පද්ධතියට කවුරුන් හෝ පිටින් යන්නේ නම් ඔවුන්ට එරහිව කටයුතු කිරීමට දේශපාලන මණ්ඩලය විසින් නීතිමය පියවර ගන්නා බවද මහලේකම්වරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More