දේශීය පුවත්

43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට නියමිතව තිබියදී එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා සහ කොටි ඩයස්පෝරාව එක්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් කර ඇත.

යුද අපරාධ චෝදනා ලත් හමුදා ප්‍රධානීන් රජයේ ඉහළ ධූරවලට පත් කරමින් මුළු රටම හමුදාකරණය කර ඇති බව ඇය සහ කොටි ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත විමර්ශන වාර්ථාවක් ගොනු කරමින් දන්වා ඇත.

විරුද්ධවාදීන් හඹා යෑම ආරම්භ කර ඇති බවට දක්වන තේමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ රජය මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් සහ රජයට එරෙහි වූවන් 89 දෙනෙකුට එරෙහිව ක්‍රියාකර ඇති බවයි.

සුකාගේ මේ වාර්තාවේ විශේෂ කාර්ය බලකාය රහස් පොලිස් මූලස්ථානයට කඩාවැදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විමර්ශනය කළ නඩුවලට අදාළ ලිපි ගොනු සෙවූ බවටද එම වාර්තාවේ සඳහන් කර ඇත.

කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු මේ වාර්තාව සකස් කිරීමට සුකාට සහාය ලබා දී තිබේ.

සුකා සිය වාර්තාවෙන් හමුදා බුද්ධි ප්‍රධානී ලෙස සුරේශ් සැලේ, හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න යන අය පත්කිරීම ගැනද මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More