ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය ලබාදෙමින් මැතිවරණයට ඉදිරිපත්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශක්තිමත් නායකත්වයක් නොමැති වීම මීට හේතුව බව ආසන සංවිධායකවරු පෙන්වා දෙති. මෙම යෝජනාවට අමාත්‍ය මහින්ද අමරවීර මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.
අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...