දේශීය පුවත්

ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පත්කරනු ලැබ සිටී. දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණ විචාරකයකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයකු ලෙසද චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකටය.

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය එම්.ඩී. ළමාවංශ නම්කර ඇති අතර ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කර ඇත්තේ පරිගණක තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමාගමක ශ්‍රී ලංකා නියෝජිත ධුරය දැරූ මනෝරි උණම්බුව මහත්මියයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා චීනය යන රටවල්වලටද නව ශ්‍රී ලංකා තානාපතිවරුන් අද හෙටම පත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. මේ අතර කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් කරන්ජිත් සිං සන්දූ මහතා ලබන මස සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දීය තානාපති වශයෙන් නම්කර ඇත. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ධුරයට පත්කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඒකාබද්ධ ලේකම් ධුරය හොබවන ජ්‍යෙෂ්ඨතම විදේශ සේවා නිලධරයකු වන ගෝපාල් බාග්ලේ මහතාය.

– Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More