දේශීය පුවත්

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

සිය අවශ්‍යතාව පරිදි රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති හිටපු අමාත්‍යවරයා ඔවුන් මාර්ගයෙන් රජය සමඟ දේශපාලන ගනුදෙනුවකට උත්සාහ කළ නමුත් මෙතෙක් එම ගනුදෙනුවද සාර්ථක වී නැත. මේ සම්බන්ධයෙන් දේශයට කරුණු දැක්වූ රජයේ ප්‍රබලයෙක් සඳහන් කළේ රිෂාඩ් බදුයුදීන් රජයට එක්කර ගැනීමට මුලසිටම දැඩි විරෝධයක් පළ වී ඇති බවයි.

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායකයා වන රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සම්බන්ධ පරීක්ෂණ රැසකට මුහුණ දෙමින් සිටී. එම පසුබිමේ රජයට සහාය පළකොට ඉදිරි මහමැතිවරණය සඳහා නව ප්‍රවේශයක් ලබාගැනීම පිණිස මෙම උත්සාහය දරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මේ ගැන විමසීමට රිෂාඩ් බදුයුදීන් මහතාගේ ජංගම දුරකතනයට වාර ගණනක් ඇමැතුම් දුන්නද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More