විදේශ පුවත්

මැදපෙරදිග කලාපයේ ඉරානය සහ සෞදි අරාබිය අතර ඇතිවන යුද්දයකින් ඇතිවන බලපෑම කලාපීය ජනයාට දරාගත හැකි යුද්දයක් නොවන බව පකිස්තාන අගමැති ඉම්‍රාන් ඛාන් මහතා පවසයි. ජර්මානු වෙබ් පුවත් අඩවියක් සම්ඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. සෞදි අරාබිය පකිස්තානයේ වැදගත්ම මිතුරෙකු ලෙස සලකා ගනුදෙනු කරන අතරතුර ඉරානය සමඟ හොඳ මිතුරු සම්බන්ධතාවයක් පවත්වා ගෙනයාමට ප්කිස්තානයට හැකිවී ඇතිබව පවසන පකිස්තානු අගමැතිවරයා කලාපයේ බලවතුන් වීමට තරඟයක නිරතවන තම මිතුරන්ගේ කිසිදු පාර්ශවයක් සමඟ එක් නොවන බවද වෙබ් අඩවියට කරුනු දක්වමින් අවධාරණය කර සිටියේය.

අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරානයේ ඉහළම හමුදා නිළධාරියා වූ සොල්මෙනි මහතාගේ මරණයෙන් පසු ඉරානය, ඉරාකයේ පිහිටි අමෙරිකානු යුද කඳවුරු ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ අතර සෞදි අරාබියටද ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළේය. මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය සමඟම සාකච්ඡාවේ නිරතවුනු ඉම්‍රාන් ඛාන් මහතා උනුසුම් තත්වය පාලනය කිරීමට යහපත් උත්සාහයක් ගනු ලැබීය. පකිස්තානු අගමැතිවරයාගේ මැදිහත්කරුවෙකුගේ භූමිකාව තවත් තීව්‍ර කරමින් පකිස්තානු විදේශ ඇමති මොහොමඩ් කුරේශි මහතාට සෞදි අරාබි නායකයන් මෙන්ම ඉරාන නායකයන්ද හමුවී සාකච්ඡා ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත. පකිස්තානය දෙපාර්ශවය සමඟ සාකච්ඡා කිරීමේදී “පකිස්තානය සාම සාධනයේ භූමිකාව රඟ දක්වනු මිස නැවත කිසිදු යුද්දයක පාර්ශවකරුවෝ නොවන්නෙමු”යන තේමාපාඨය අනුව කටයුතු කරන බව පකිස්තානු අගමැතිවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More