දේශීය පුවත්

එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සිටි මැති ඇමතිවරුන්, ප්‍රබල රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාට විරුද්ධව තම අධිකරණයේ විභාග වූ නඩු කටයුතු සඳහා පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබ වූ රන්ජන් රාමනායක මහතා තමා ඇතුළු තම පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වූ බවට කොළඹ හිටපු මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා වැඩ බලන පොලිස්පතිවරයාට පිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හෙතෙම වර්තමානයේ ඇඹිලිපිටිය මහාඅධිකරණ විනිසුරු ලෙස කටයුතු කරමින් සිටින අතර මෙම පැමිණිල්ල පිලිපිටිය මහතා විසින් ඉකුත් 9 වැනි දින වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යොමු කර ඇත.

මිට අදාළ විමර්ශන කටයුතු වැඩ බලන පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාතභාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට යොමු කර ඇත.

ගිහාන් පිලිපිටිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස රජකාරි කටයුතු කර ඇත්තේ 2014 සහ 2016 යන කාල සිමාව තුළදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More