දේශීය පුවත්

ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂය යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළාය.

ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඉකුත් දා (14) මෙරට නිල සංචාරයක නිරත වූ අතර එහිදි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම සාකච්ඡා පැවැත්විණි.

පොදුවේ පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කරමින් සාර්ථකව ජනාධිපතිවරණය අවසන් කිරීමෙන් ප්‍රජතන්ත්‍රවාදී ක්‍රියාදාම අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් ශ්‍රී ලංකාව පෙන්වන කැපවීම පෙනී යන බව කී ඇලිස් ජී. වෙල්ස් මහත්මිය එය අගය කළ යුතු යැයි ද කීවාය.

ශ්‍රී ලංකාව පිහිටි කලාපය සම්බන්ධයෙන් ඇමෙරිකාව අනුගමනය කරන උපායමාර්ගික දැක්ම පැහැදිලි කළ වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකාවේ අභිලාෂය යැයි ද පැවැසුවාය.

ද්විපාර්ශ්වීය කටයුතු සඳහා ඇමෙරිකාව ලබාදෙන වැදගත්කම මෙහිදි පැහැදිලි කළ වෙල්ස් මහත්මිය එම කටයුතුවලදී ආර්ථික හා ව්‍යාපාරික කටයුතු, අධ්‍යාපනය, ආරක්ෂාව, සමුද්‍රීය කටයුතු හා අන්තර් හමුදා සබඳතා සහ ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම යනාදි අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙන බව ද කීවාය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ඉන්දු-ශාන්තිකර උපායමාර්ගය’ යටතේ කෙරෙන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා පැවැත්විණි.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යන සංවර්ධන හවුල්කාරීත්වයට මෙන්ම ඇමෙරිකාව රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කිරීම හා අගය කිරීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවට ප්‍රංශා කළේය.

ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ආධාර සහයෝගීතාව වෙනුවෙන් කෘතඥතාව පළ කළ අමාත්‍ය ගුණවර්ධන මහතා මෙරට නිෂ්පාදන සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථා සහ ශ්‍රී ලංකාව තුළ ආයෝජන ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද මෙහිදි පැහැදිලි කළේය.

දෙරටේ ව්‍යාපාර එකිනෙක හා සම්බන්ධ කිරීම, ආරක්ෂක හා සමුද්‍රීය ක්ෂේත්‍රවල සබඳතා හා සහයෝගීතාව වැඩිදියුණු කිරීම, සංචාරක කටයුතු ඉහළ නැංවීම, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ආදිය ඇතුළු ශ්‍රී ලංකා-ඇමෙරිකා සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවෙන බව ද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදි කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More