දේශීය පුවත්

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

සේවාලාභියා, සේවා සපයන්නා ළගට යනවා වෙනුවට අන්තර්ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතීන් සපයන ක්‍රමවේදයක් කඩිනමින් සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (17) දහවල් ජනාධිපති කාර්යාලයේ දී අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේය.

ඒ අනුව සියලු රාජ්‍ය ආයතන සතු දත්ත ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනයේ පූර්ණ මැදිහත්වීමෙන් එක් රැස් කෙරේ.

ජනතාවට වඩාත් සමීප සියලුම රාජ්‍ය ආයතනවලට ප්‍රමුඛතාව දෙමින්  ජාලගත කිරීම සිදු වේ.

නව ක්‍රමවේදය මගින් තාක්ෂණය සහ අන්තර්ජාලය භාවිතයෙන් හැඳුනුම්පත්, රියැදුරු හා ගුවන් ගමන් බලපත්‍ර, උප්පැන්න, විවාහ හා මරණ සහතික ලියාපදිංචි කිරීම සහ රජයේ ඉඩම් ඔප්පු ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවා කඩිනමින් ඉටුකර ගැනීමට හැකිය.

දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්ෂමතාව සහ දූෂණය වළක්වා ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බදු අය කිරීමේ සිට විශ්‍රාම වැටුප දක්වා වූ ක්ෂේත්‍ර රැසක ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයකරණයෙන් (Automation)  ඉටු කර ගැනීමට අවකාශය සැලසීම මෙහි මූලික අපේක්ෂාවයි.

දත්ත එක් රැස්ව තිබීමෙන් රටකට බලපාන ප්‍රධාන තීන්දු තීරණ ගැනීමේ දි නිවැරදි විශ්ලේෂණයක් කළ හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සාමාන්‍ය ජනතාව සිය අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී රාජ්‍ය ආයතනවල සිදුවන ප්‍රමාදය සම්පූර්ණයෙන් වළකා ගැනීමට ද මින් හැකි වේ.

1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ජනතාවට තොරතුරු සන්නිවේදනය  යළි සක්‍රීය කිරීම කෙරෙහි ද  අවධානය යොමු කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More