නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමට ජනාධිපති ගෝඨාභය මහතා මැදිහත් වී ඇත.
තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරිත්ව සිදුවිය යුතු බව ජනාපතිවරයා අවධාරණය කරයි.
අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමඟ අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
ව්‍යාපෘතිය ඇරඹිමේ දී එකඟ වු පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණ.
ව්‍යාපෘතිය භාර සමාගම් සහ බලධාරින් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් දෙන බව ජනාධිපතිවරයා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...