දේශීය පුවත්

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (16දා) පුල්මුඬේ පිහිටි ලංකා ඛනිජ වැලි සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.

ඉහත පරිවර්තනය සඳහා අවශ්‍ය මුලික පියවර රැසක් මේ වනවිටත් රැගෙන තිබෙන බවත් කඩිනමින් එය සාක්ෂාත් කර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. සේවක පිරිස් මේ වනවිට මුහුණ දී ඇති ගැටලූ සහ ආයතනය හමුවේ වන අභියෝග පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව ඉතා වැදගත් වූ බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More