දේශීය පුවත්

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් පූර්ණ සහ පුළුල් ප්‍රතිසන්ධනයක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගා විජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම භාර ගැනීමට තමා සූදානම් බව කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

කෙසේ නමුත් තමාට එම වගකීම භාර ගත හැක්කේ තමා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි පහට එකඟ වන්නේ නම් පමණකැයි ද කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ජ්‍යෙෂ්ඨයින්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.

ඒ අනුව එම වගකීම් භාර ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂයට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න පුර්ණ බලයක් තමාට අවශ්‍ය බව අවධාරණය කර සිටින කරු ජයසූරිය මහතා එම බලය තමා වෙත පැවරිය යුත්තේ පක්ෂයේ වත්මන් නායකයා රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් බව ද පෙන්වා දී ඇත.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ ද එකඟත්වය අවශ්‍ය බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාක්ෂිකයාගේ මතය නියෝජනය කරමින් පක්ෂ මහා සම්මේලනයකදී ඊට අනුමැතිය ලබා ගත යුතු බව ද අවධාරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More