විදේශ පුවත්

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබේ. යුක්‍රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කර සිටින්නේ අගමැතිවරයා එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව පවසමින් යුක්‍රේන අගමැතිවරයා විසින් සිය ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක් ඇතුලත් හඬ පටයක් කරලියට පැමිණීමත් සමග ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට පවසමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබේ.

“කෙසේ වෙතත්, ජනාධිපතිවරයා කෙරෙහි අපගේ ගෞරවය හා විශ්වාසය පිළිබඳ කිසියම් සැකයක් දුරු කිරීම සඳහා මම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා” යැයි යුක්‍රේන අගමැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

තමන් සිදුකළ ප්‍රකාශයක් සැලසුම් සහගතව සංස්කරණය කොට මුදාහැර ඇති බවත් එය කිසියම් පිරිසක් විසින් සිදුකළ ක්‍රියාවක් බව මෙහිදී යුක්‍රේන අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

යුක්‍රේන ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බව පවසමින් එරට විපක්ෂය විසින් අගමැති Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වුවත් යුක්‍රේන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් පැවැත්වීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More