දේශීය පුවත්

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (17) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙවර සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන අතර ඔවුන් සඳහා මේ වන විට ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ඇතැයි ඒ මහතා කීය.

ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා උගතුන් බුද්ධිමතුන් සිය ගණනකගේ අයදුම්පත් ලැබී ඇති බවත් එහි ජ්‍යෙෂ්ඨ උපදේශක රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් මණ්ඩලයක් සුදුස්සන් තේරීම ආරම්භ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.



One thought on “හිටපු ජනපති පොළොන්නරුවෙන් මහ මැතිවරණයට”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More