දේශීය පුවත්

බහුතරය විසින් සජිත් ප්‍රේමදාස මහතා නායකයා ලෙස තීන්දු කරගත් අතර හෙට දින සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එළඹෙන මහ මැතිවරණය සඳහා සන්ධානයකින් තරග වැදීමට අවශ්‍ය කටයුතු අද (17) සිට ආරම්භ කරන බවත් මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

පක්ෂයේ තීන්දුව කුමක් වුවත් බහුතරයගේ සමඟිය අනුව සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකයා ලෙසත්,සන්ධානයේ නායකයා ලෙසත් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ බහුතර කැමැත්ත අනුව තීරණය ගන්නා ලෙස වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවය.

කෙසේවෙතත් අද පැවති පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමේදීත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකින් තොරව අවසන් වී තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More