දේශීය පුවත්

නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් විය. කෙසේ වෙතත්, අදාළ රැස්වීම කිසිදු තීරණයකින් තොරව අවසන් වූ බව වාර්තා වුණි.
එම රැස්වීමේදී විශාල ගැටුම් රැසක් හටගෙන ඇති බවද වාර්තා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි ඊයේ දිනයේ රැස්වීම සම්බන්ධයෙන් සංවේදීව අදහස් දක්වා තිබුණි.

මේ, එම සටහනයි.

‘අද එක්සත් ජාතික පක්ෂයේ කනගාටුදායකම දිනයක් වී ඇත. සැමවිටම ශ්‍රේෂ්ට බලවතුන්ගේ හා විනයගරුක දේශපාලනයන්ගේ පක්ෂයක් වූ එ ජා ප අද හැසිරුනේ ඊට හාත්පසින්ම විරුද්ධ අයුරින්ය. ඉහළ ජීවන වියදමල පොහොර නොමැතිකමල සාමාන්‍ය ජනතාවට දැනෙන දුෂ්කරතා වැනි බොහෝ කාරණා සමඟ පොර බඳින ජනතාව වෙනුවෙන් හඬක් නැගිය යුතු අවස්ථාවක දී අපි පක්ෂයක් වශයෙන් මෙසේ නායකත්වයට පොර බැඳීම පක්ෂයට ආදරය කරන එක්සත් ජාතික පක්ෂ චන්ද දායකයාට කරන අසාධාරනයකි.

මම එක්සත් ජාතික පාක්ෂියෙක් වීම ගැන ආඩම්බර වෙමිග මමත් මේ රට වෙනුවෙන් මියගිය එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකුගේ පුතෙකි ගග මගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ අපගේ හදවතේ සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ය. නායකයින් එකට එකතු විය යුතුය ගග එකමුතුව ඉදිරියට යාමට තීරණයකට පැමිණිය යුතුයගමෙම ගැටුමෙන් සිදුවන හානිය දරාගත නොහැකි අතර අපගේ ප්‍රමුකතා නිවැරදිව හඳුනාගැනීමට කාලය පැමිණ තිබේ. මගේ රට සහ මගේ පක්ෂයල එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මගේ යුතුකම් නොපිර්හෙලා ඉටු කිරීම මාගේ අභිලාශයයි.’

නවින් දිසානායක
ජාතික සංවිධායක
එක්සත් ජාතික පක්ෂය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More