දේශීය පුවත්

කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

ඊයේ(16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී නිල රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනුරාධපුර දෙසට ධාවනය වු ජිප් රථයේ ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු, පසු පැදිකාරිය හා දැරියක් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබේ.

තුවාලකාරිය හා දැරිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

අද දෙරණ වාර්තාකරු පවසා සිටියේ, කාන්තාවගේ කොන්ද ප්‍රදේශයට හා දැරියගේ කකුලකට දැඩි තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසන බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් වන පී.රංජන් කුමාර නැමැත්තෙකි.

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More