දේශීය පුවත්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වායුසමීකරණ පද්ධතිය දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගුවන් තොටුපල පරිශ්‍රයේ සේවයේ නියතු සේවකයෝ හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට ලක්ව ඇතිබව වාර්තාවේ.

ගුවන්තොටුපල කාර්යභාර නිළධාරී කාර්යාලය, දුරකථන පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු ගුවන් ගමන් මෙහෙයුම් සඳහා සෘජුවම සම්බන්ධවන අංශවල කාර්යාල වල සේවකයෝ මෙසේ අපහසුතාවයට ලක්වන සේවක පිරිස් අතර ප්‍රමුඛ සේවකයෝ වෙති.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් මෙහෙයුම් කාර්යාලයේ(Flight Dispatcher Office) සේවකයෙකු ඊයේ දිනයේ වායු සමීකරන අක්‍රිය වීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට පත්වී ගුවන්තොටුපල වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වෛද්‍ය ප්‍රතිකාර ගත් බවද ශ්‍රී ලංකන් ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලය පුරාවටම වායු සමීකරණ පද්ධතිය නිසි නඩත්තුවක් නොමැතිවීම මෙම තත්වයට හේතුව විය හැකිබව සේවකයෝ සඳහන් කරති. කෙසේ වුවද හැකි ඉක්මනින් වායු සමීකරණ පද්ධතිය යථා තත්වයට පත් කිරීමට හැකිබව ගුවන්තොටුපල නඩත්තු අංශයේ සේවකයෝ පවසන බව වාර්තාවේ.

ගුවන් ගමන් මෙහෙයුම් වලට තවමත් මෙම තත්වය බලපා නැති වුවද තත්වය වෙනස් නොවුනහොත් සේවකයන්ට තම සේවා ඉටුකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද වීමට ඉඩ ඇතිබව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More