දේශීය පුවත්

මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නිර්නායක මාලාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (16 වැනිදා) රාත්‍රි තීරණය කර ඇත.

එහිදී පක්ෂයට කළ සේවය, පසුගිය මැතිවරණවලදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව, දූෂණ වංචා සිදු කළ පුද්ගලයකු නොවීම, මහජන සබඳතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට මධ්‍යම කාරක සභා සාමාජිකයන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වීම කොළඹදී සිදුවිය. මෙම රැස්වීමට රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ සහභාගි වී නොසිටියහ. පසුගිය රජය සමයේ සහ වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිතිවල සාමාජිකයන්ට ඇති වී තිබෙන දේශපාලන බලපෑම් සහ පලිගැනීම් පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ වේදිකාවේදී අදහස් පළ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද මෙහිදී තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More