දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් විසින් යෝජනාවක් සම්මතකර ගෙන ඇතැයි වාර්තාවේ. එසේම ඔහුගේ නායකත්වයෙන් ආණ්ඩු විරෝධී පළමු ජන රැලිය ලබන බ්‍රහස්පතින්දා (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වීමට ද තීන්දු කර ඇතැයි ද පැවසේ.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ ‘සිරිකොත’ එජාප මූලස්ථානයට කැඳවා තිබිණ.

රනිල් හා සජිත් දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ වාද විවාද මැද පැය කිහිපයක් පුරා පැවති මෙම රැස්වීම ආරම්භයේ සිටම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබිණ.

එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කළ යුතු බවට මන්ත්‍රීවරුන් අතරින් දැඩි බලපෑමක් එල්ල වූ අවස්ථාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊට විරෝධය පළකරමින් රැස්වීමෙන් පිටවගොස් ඇති අතර නැවතත් ඔහුව සාකච්ජාවට එක්කර ගැනීමට මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් ඔහු සමග වෙනම සාකච්ජා පැවැත්වුවද එයද අසාර්ථක වී ඇත.

අනතුරුව පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කල යුතු බවට රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කළ යෝජනාව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ස්ථිර කර තිබේ. ඒ අවස්ථාවේදී සජිත්ට සහය පලකරන මන්ත්‍රීවරුන් 13 දෙනෙකු රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.

මෙම රැස්විමට සහභාගිවි සිටි මන්ත්‍රිවරුන් 65න් 52ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තෝරා පත් කර ගත යුතු බවට ඡන්දය ප්‍රකාශ කරමින් එකගතාවය පළ කළ බව රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More