විදේශ පුවත්

රුසියානු කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා ඉල්ලා අස්වීමෙන් පසුව රුසියානු ව්‍යවස්තාදායකයේ සාමාජිකයන් විසින් ෆෙඩරල් බදු සේවයේ හිටපු ප්‍රධානී මිඛායිල් මිෂුස්ටින් මහතා නව අගමැතිවරයා ලෙස තෝරාපත් කරගත් බව රුසියානු මාධ්‍යවාර්තා සඳහන් කරයි.

රුසියානු ජනාධිපතිවරයා විසින් මිඛායිල් මිෂුස්ටින් මහතාගේ නම යෝජනා කළ අතර ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරු 383න් දෙනෙකු ඔහුගේ යෝජනාව ස්ථීර කරනු ලැබුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු මිඛායිල් මිෂුස්ටින් මහතාගේ නාම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ නොකිරීමෙනි. නමුත් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් 41 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටි බව වාර්තාවේ.

මිඛායිල් මිෂුස්ටින් නව රුසියානු අගමැතිවරයා තමාගේ ඇමති මණ්ඩලය නම් කිරීමට නියමිත අතර නවක මුහුණු කිහිපයක් හඳුන්වා දීමට නියමිත බව රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.වයස අවුරුදු 53ක් වන මිඛායිල් මිෂුස්ටින් මහතා 1998 සිට රුසියානු ව්‍යවස්තාදායකයේ සාමාජිකයෙකු වන අතර ඔහු රුසියානු ආදායම් බදු ක්‍රමය කාර්යක්ෂම කිරීමට මූලික වූ පුද්ගලයා ලෙස රුසියානු ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවූ අයෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More