ව්‍යාපාරික පුවත්

ඉරාන-ඇමරිකා යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග රටවලින් ඉන්ධන ආනයනය කිරීමේදී බාධා ඇති වුවහොත් සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් අවශ්‍ය තෙල් තොග ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඉන්ධන ටොන් 16,000 ක් රැුගත් නෞකා අද සහ හෙට (16, 17) පැමිණීමට නියමිත බවත් තවත් ඉන්ධන ටොන් 15,000 ක් රැුගත් නෞකා 24, 25 දිනවලදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බවත් ඛනිජ තෙල් සමාගම පවසයි.

එම නාවික ගමනාගමනයට බාධා ඇතිවුවහොත් ඊට පිළියමක් වශයෙන් සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් ඉදිරි දින 15 තෙක් ඇති තරම් ඉන්ධන තොග ගබඩා සතුව තිබෙන බවට ප‍්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

ඒ අනුව පෙට‍්‍රල් 92 ටොන් 47,947 ක්, පෙට‍්‍රල් 95-ටොන් 16,000 ක්ද, ලංකා ඔටෝ ඞීසල් ටොන් 111,957 ක්ද, සුපර් ඞීසල් ටොන් 4463 ක්ද, ගුවන් යානා ඉන්ධන ටොන් 38,086 ක්ද, දැවි තෙල් ටොන් 70130 ක්ද ගබඩා සතුව පවතින බව එම නිලධාරීන් ඇමැතිවරයාට දැනුම් දී තිබේ.

ඊට අමතරව හම්බන්තොට වරාය ආශි‍්‍රතව පවතින ඉන්ධන ටොන් 71000 ක් ගබඩා කර ගත හැකි ඉන්ධන ටැංකි අමතර ඉන්ධන ගබඩා කර තබා ගැනීම සඳහා භාවිතා කරන ලෙසද ඇමැතිවරයා සංස්ථාවට දැනුම්දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More