දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සිට නැව්ගත කරන ලද බවට සැකකරන අතිවිශාල පුරාවස්තු ප්‍රමාණයක් පසුගිය වසරේදී ඇමරිකාවේ ඔලැන්ඩෝහි පිහිටි පෞද්ගලික සමාගමක් වෙත යවා ඇතැයි සුප්‍රසිද්ධ Live Science වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔලැන්ඩෝහි පිහිටි Ripley’s Believe it or Not නම් පෞද්ගලික සමාගම සහ එහි කෞතුකාගාරය අසාමාන්‍ය වස්තූන් සහ කෞතුක වස්තූන් සඳහා ප්‍රචලිත ආයතනයකි.

මෙම ආයතනයට පුරාවස්තු තොගය අදාළ ඇමරිකානු සමාගම වෙත මියාමි වරාය ඔස්සේ ලැබී ඇත්තේ 2019 වසරේ ජුනි 15 වැනිදාය. මෙම පුරාවස්තු තොගයේ භාණ්ඩ 125ක ලැයිස්තුවක් අන්තර්ගතව ඇති අතර ඒවා බහලුම් (කන්ටේනර්) 03කින් ප්‍රවාහනය කර ඇත. ඒවායේ බර කිලෝග්‍රෑම් 19,575ක් ලෙස නෞකා​ වාර්තාවේ සටහන්ව ඇති අතර ඒවායේ ඇස්තමේන්තු වටිනාකමත් නෞකා සමාගම විසින් අනාවරණය කර නැත.

Live Science වාර්තාව ඔස්සේ සැකපහළ කර ඇත්තේ 1983 – 2009 යුද වකවානුවේදී උතුර – නැගෙනහිර පළාත්වල පැවැති පුරාවිද්‍යා ස්මාරක ඇසුරින් රැස් කරගන්නා ලද පුරාවස්තු තොගයක් මෙලෙස රහසිගත ලෙස නැව්ගත කර ඇති බවයි.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More