දේශීය පුවත්

සරත් වීරසේකර මහතා අම්පාරෙන් වැඩිම මනාප ලබා ජය ගන්නේ 2010 වසරේදීය. එහෙත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දීම හේතුවෙන් යහපාලන ආණ්ඩුව ඔහුව අම්පාරෙන් පරාජය කිරිමට කටුයුතු සැලසුම් කළ අතර ඡන්ද 156ක් අඩු වී 2015දී සරත් වීරසේකර මහතා අම්පාරෙන් පරාජයට පත්විය.

මේ අතරතුර වීමලවීර දිසානායක මහතා හා සරත් වීරසේකර මහතා අතර අම්පාර මෙවර නාමයෝජනා පිළිබඳව සීතල යුද්ධයක් ඇති වී ඇතැයි සැලවේ. එහිදි විමලවීර දිසානායක මහතා,රජපක්ෂ පවුලේ බලවතෙකු හමුවි කියා ඇත්තේ සරත් වීරසේකර අම්පාරෙන් ඉවත් කරදෙන ලෙසත් ඔහුට තනිව අම්පාරට තරග කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙන ලෙසත්ය.

එසේම සරත් වීරසේකර මහතාට අම්පාරෙන් නාම යෝජනා ලබා දුන හොත් වීමලවීර දිසානායක මහතා එජාපයට එක්වන බවද ඔහු විසින් පවසා ඇතැයි සැලවේ. විමලවීර දිසානායක මහතා ගමේ මිනිහෙකු ලෙසින් අම්පාර ජනතාවගේ හිත් දිනා සිටිනා අතර සරත් වීරසේකර මහතාද අම්පාර ප්‍රදේශයේ මහත් ජනප්‍රිය භාවයක් උසුලන චරිතයකි.

විශේෂයෙන් සරත් වීරසේකර මහතාගේ පරාජයෙන් පසු ඒ මහතාගේ අගය අම්පාර ජනතාවට දැණුනු බව සරත් වීරසේකර මහතාට හිතැති අම්පාර වැසියෝ පවසති. සරත් වීරසේකර මහතා මේ වන විට සුලු සැත්කමකට භාජනය වි සුව අතට හැරෙමින් සිටී. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පවා විරුද්ධව ඡන්දය දීමට අදීන තීරණයක් ගත් සරත් වීරසේකර වැනි දේශප්‍රේමියකු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් බව බොහෝ දෙනෙකුගේ මතයයි.

විශේෂ ලිපිකරු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More