දේශීය පුවත්

මැදිරිගිරියේ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ  5 ශ්‍රේණියේ  ඉගැන්වීම් කටයුතු කළ  එක්  ගුරුවරියක්  වෙනත් පන්තියකට මාරු කිරීමේ  සිද්ධියක්  මුල් කරගනිමින්  මව්පියන්  කළ විරෝධතාවයකට උරණ වූ පාසලේ  විදුහල්පතිවරයා, කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස්ද  නොතකා  සිසුන් 40 දෙනෙකු පමණ පාසලින් එළියට  දමා ගේට්ටුවට ඉබි යතුරු දමා වසා  අද(16) කටයුතු කර තිබේ.

පැරණි ගුරුවරිය නොමැති වීමෙන් දරුවන් අධ්‍යාපනයට මැලි බවක් දක්වන බැවින්  පහ ශ්‍රේණියේ පන්ති දෙකටම  නව ගුරුවරුන් ලබා දී හෝ යළි පැරණි ගුරුවරුන් ලබා දෙන්නැයි මෙම උද්ඝෝණෂයේදී  මව්පියන්ගේ ඉල්ලීම  විය.

විද්‍යාල භූමියේ විරෝධතාව පැවැත්වෙන අතරතුර එහි පැමිණි කලාප අධ්‍යක්ෂකවරිය  මෙම ගැටළුවට විසඳුමක් ලබා දෙන බව පවසා දරුවන්ට සාමාන්‍ය පරිදි  ඉගැන්වීම් කටයුතු සිදු කරගෙන යන්නැයි විදුහල්පතිවරයාට උපදෙස් දුන්නද  අධ්‍යක්ෂකවරිය පාසලෙන් ඉවත්ව ගිය පසු එම දරුවන්  පන්ති කාමරයෙන් එළියට දැමීමට විදුහල්පතිවරයා කටයුතු කළ බව මව් පියෝ පවසති.

අද පළමු වසරට ළමුන් බාර ගැනීමේ උත්සවය පැවැත්වෙන අතරතුරදී මෙම උද්ඝෝෂණය පැවැති අතර දරුවන් ගේට්ටුවෙන්  පිටතට දමා ඉබිබා දැමූවද  උත්සව කටයුතු නිසි අයුරින් කගෙන යාමට විදුහල්පතිවරයා කටයුතු කර  තිබූ අතර විරෝධාව පැවැත්වීම හේතුවෙන් දරුවන් හා මව්පියන් සමග උරණ වූ විදුහල්පතිවරයා මෙම ක්‍රියාව කළ බවට මව්පියෝ චෝදනා කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More