දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර හදිසියේම කටුනායක ගුවන්තොටුපලේ නිරික්ෂණ චාරිකාවක් සිදුකර ඇත.

කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන අයුරුන් කාර්‍යක්ෂම සහ ගුණාත්මක ගුවන්තොටුපළ සේවා ක්‍රියාත්මක විය යුතුයි. දැනට පවත්නා ගුවන්තොටුපොළ සේවාවන්හි කාර්යක්ෂමතාව පිළිබඳව එහි සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට මගේ ප්‍රශංසාව හිමි වූ අතරම, රටින් පිටව යන සාමාන්‍ය ගුවන් මගියෙකු ගුවන් තොටුපොළට ඇතුල්වන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන් යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියෙකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන සහ ක්‍රියාවලිය මෙහිදී නිරීක්ෂණයට ලක් විය.ආගමන විගමන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා මගීන්ට සිදුවන ප්‍රමාදය හැකි උපරිමයෙන් අවම කිරීම, පැමිණීම සහ පිටවීම සඳහා අංගන දෙකක් නිර්මාණය කිරීම, නව මගී පර්යන්තයේ වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීම සහ කුලී රථ වෙනුවෙන් වෙනම අංගනයක් සකස් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

Gepostet von Gotabaya Rajapaksa am Donnerstag, 16. Januar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More