දේශීය පුවත්

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු,පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන මහත්වරුන් මැගසින් බන්ධනාගාරයට අද (16) පෙරවරුවේ පැමිණියේය.

රාමනායක මහතාගේ සුව දුක් විමසීමෙන් අනතුරුව බන්ධනාගාරය පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ රන්ජන්ගේ හඬපට හරහා රන්ජන්ගේ නිරුවත මෙන්ම රට කරනවන තැන්වල නිරුවත පෙනෙන්නට ඇති බවයි.

මෙම හඬපට හරහා රන්ජන් රාමනායක විනාශ කිරීමේ වුවමනාවක් කණ්ඩායමකට ඇති බවත් අද රට තිබෙන තැන කොතැනද යන්න ද තේරුම් ගැනීමට හැකි වී ඇති බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

මැතිවරණයක් එන කාලයේදී එක් පුද්ගලයෙකුට පහර ගසමින් සිටින්නේ ඇතැමෙකුගේ හෙළුව වසසා ගැනීමට බවද හෙතෙම කියාසිටියේය.

මේ අතර හේෂා විතානගේ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පැවසුවේ හැට නව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දුන්නේ මෙවැනි සෙල්ලම් බැලීමට නොවන බවයි.

කෙසේවෙතත් ආණ්ඩුව තවදුරටත් මේ හඬපට සෙල්ලම කරගෙන යන්නේ නම් ඊට ප්‍රති උත්තර දීමට රන්ජන් රාමනායක මහතා සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

රන්ජන් අලුත් ස්වරූපෙකින් සතුටින් සිටිනවා… හරීන්

රන්ජන් අලුත් ස්වරූපෙකින් සතුටින් සිටිනවා… හරීන්

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 16. Januar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More