දේශීය පුවත්

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (16) සවස 5.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ‌බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ජන්ද විමසීමක් පවත්වා ගැටලුව විසදා ගැනීමට මුලින් රනිල් වික්‍රමසිංහ මහතා එකගතාව පළ කර තිබුණද ‌මේ වනවිට කිසිදු ජන්ද විමසීමක් ‌නොපවත්වා නායකත්වයේ තමන් තවදුරටත් සිටින බවට විශේෂ ප්‍රකාශයක් පමණක් කිරීමට වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බවට වාර්තා වීම ‌මේ සදහා ‌හේතු වී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ‌මේ සම්බන්ධයෙන් සජිත් පාර්ශවය ‌වෙත ‌තොරතුරු ලැබීමත් සමග අද දහවල් සජිත් පාර්ශවයද විශේෂ සාකච්ජාවක් පවත්වා ‌ඒ පිළිබදව සාකච්ජා කිරීමට පියවර ‌ගෙන තිබේ.

එහිදී තීන්දු වී ඇත්තේ වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් අනතුරුව සජිත් ‌‌ප්‍රේමදාස මහතාද පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටය.

ඒ අනුව ‌මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ‌බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More