දේශීය පුවත්

”අතහැර දැමුණු මහා ජාතික සම්පත : වාලච්චේන කඩදාසි කම්හල ඇමති විමල්ගේ නිරීක්ෂණයට”

ශ්‍රී ලංකා රජය සතු අනගිතම රාජ්‍ය ව්‍යවසායක් වූ, 2016 දී පැවති ආණ්ඩුව විසින් සම්පුර්ණයෙන්ම වසා දමා අභාවයට යෑමට සැලැස්වූ, වාලච්චේන ජාතික කඩදාසි කම්හල් පරිශ්‍රය අද (16) කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

අක්කර 500කට ආසන්න භූමි භාගයක් පුරා පැතිරී ඇති කර්මාන්ත පරිශ්‍රයේ වසාදමා ඇති පරිපාලන ගොඩනැගිල්ල, යන්ත්‍රාගාරය, බොයිලේරු අංශය, වැඩ බිම් අංශය ආදී සියල්ල නිරීක්ෂණය කළ ඇමතිවරයා හිටපු සේවක පිරිස්, ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු පිරිසක් සමග මෙම ජාතික සම්පත යළි නගාසිටුවීම පිළිබඳව සාකච්ජාවක ද නිරත විය. මෙම නිල නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත් මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More