ව්‍යාපාරික පුවත්

වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදෙන ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙස වතු හාම්පුතුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන් සඳහා දෛනිකව රුපියල් 1000ක වැටුපක් ලබාදීමට ඇමැති මණ්ඩලය පෙරේදා (14 වැනිදා) තීරණය කරන ලදී. තම සංගමය සමග සාකච්ඡා නොකර වතු කම්කරු වැටුප වැඩි කිරීම ගැටලුවක් බව වතු හාම්පුතුන්ගේ සංගමය පෙන්වා දෙයි.

වතු කම්කරු වැටුප රුපියල් 750ක් ලෙස සඳහන් කරමින් පසුගිය රජය සමයේදී වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ වසර දෙකක කාලයක් සඳහාය.

ඇමැති මණ්ඩල තීරණය මගින් එම අවබෝධතා ගිවිසුමද උල්ලංඝනය වන බව වතු හාම්පුතුන්ගේ සංගමය සඳහන් කරයි. මින් නිෂ්පාදන මිල ඉහළයාම, තේ වෙළෙඳපොළේ පවතින මිල වෙනස් වීම මෙන්ම ඇමෙරිකා – ඉරාන ගැටලුව නිසා තේ වෙළෙඳපොළේ සැපයුම අඩුවීම නිසා වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදීම ගැටලුවක් බව වතු හාම්පුතුන්ගේ සංගමය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රු. දහසක වැටුප සම්බන්ධයෙන් ලබන සතියේ වතු සමාගම් සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More