දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කිරීමේදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවට දැනුම් දී තිබෙනවා. ඒ, අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් හමුවූ අවස්ථාවේදීයී.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මණ්ඩලයක් විසින් අධ්‍යනය කරමින් සිටින බවයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සෙසු රටවල කි‍්‍රයාත්මක කළ ආකාරය සහ අත්දැකීම් පිළිබඳ විද්වත් මණ්ඩලයේ විශේෂ අවධානයට ලක්ව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර චීන විදේශ අමාත්‍ය චැංග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝයි සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොටෝ ද ඊයේ (13) මෙරටට පැමිණ තිබුණා.

චීන විදේශ අමාත්‍යවරයා ද ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා මුණ ගැසුනේ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදි චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ උපාය මාර්ගික හවුල්කරු ලෙස චීනය අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ අභිලාශයන් වෙනුවෙන් පෙනි සිටින බවයි. චීනය ශී‍්‍ර ලංකාවේ නිරන්තර විශ්වාසදායක මිතුරා බවද මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට ඉඩ නොතබන බවයි චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ සාධනීය පරිවර්ථනයක් ශී‍්‍ර ලංකාව තුළ සිදුව ඇති බවයි. ආර්ථීක සංවර්ධනය, මානව වාදී අභිලාශ, හමුදා සහයෝගීතාවය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ මෙහිදී දෙපාර්ශවයේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් පැය 24ක් තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමක් බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.

lanka mirror



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More