වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “තුරු මිතුරු නව රටක්” ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (14) ආරම්භ විය.
ඒ, යුධ හමුදාපතිවරයාගේ ප්‍රදානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට අයත් අක්කර 12 ක පමණ අත්හැර දමා තිබූ පුරන් වූ කුඹුරක් අස්වද්දමිනි.
එම පුරන් කුඹුර අස්වැද්දීමට පෙර නව හමුදා මූලස්ථානය වෙත ප්‍රවේශ වන මඟ දෙපස ‘කරද’, ‘මී’ සහ ‘කොබෝ නීල’ පැළ 140 ක් ද රෝපණය කරන ලදී.
මෙහිදී මාධ්‍ය වෙට්‍ර්හ අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු කෘෂිකර්ම අධ්‍යක්ෂ මණ්ඩලය හරහා මෙම වග කටයුතු සියල්ල සිදුවන බවයි.
ජාතික ආරක්ෂාව සැලසීමේ ප්‍රමුඛතම කාර්යභාර්යයට අමතරව මෙවැනි කටයුතු සමාජ මෙහෙවරක් සේ සලකා සිදුකරන බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...