දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවකුට යටත් විය යුතු නැති බවත් යටත් වීමට ඉඩ නොතබන බවත් එම පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.

මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නකට පිළිතුරු වශයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරන විට ලාංඡනය පුටුව විය යුතු බවට එකඟතාවක් ඇති වුවත් ලාංඡනය පොහොට්ටුව විය යුතු බවට කවුරු හෝ ඉල්ලීමක් කරන්නේ නම් ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බවත් සන්ධානයේ ලාංඡනය පොහොට්ටුව වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලාංඡනයක් සොයා ගැනීමට සිදු වන බවත් දයාසිරි ජයසේකර පැවසීය.

ලාංඡනය සම්බන්ධයෙන් එතරම් දැඟලීමක් අවශ්‍ය නැතැයි ද ඒ පිළිබඳ ඉදිරියේ සාකච්ඡා කර තීරණයකට පැමිණිය හැකි යැයි ද හෙතෙම කියයි. සන්ධානයක් ලෙස එක්ව වැඩ කිරීම සඳහා ලාංඡනය ගැටලුවක් කර නොගන්නා අතර ඉදිරියේදී පැමිණිය හැකි විවිධ කෙනෙහිලිකම් ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More