දේශීය පුවත්

රාජ්‍ය ආයතන සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කර තිබේ. එම චක්‍රලේඛයට අනුව සභාපතිවරයා සඳහා මාසිකව ලබාදිය යුත්තේ ඉන්ධන ලීටර් 150ක් පමණි. අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් සඳහා මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලබාදිය යුතු අතර වෙනත් කිසිදු දීමනාවක් නොලැබෙන බව සඳහන් වෙයි.

රාජ්‍ය ආයතනවල මෙතෙක් පැවැති ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරු අහෝසි කර ඇත. අවශ්‍ය නම් පමණක් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු පත් කළ හැකි වෙයි. සභාපතිවරුන් සඳහා භාවිත කළ හැකි වන්නේ එක් නිල රථයක් පමණයි.

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන අවම වියදමකින් පවත්වාගෙන යා යුතු බව ජනාධිපති කාර්යාලය උපදෙස් ලබාදී තිබේ. සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා නව පරිශ්‍ර ලබානොගත යුතු වෙයි. ජනාධිපති කාර්යාල ලබාදී ඇති උපදෙස්වලට අනුව සියලුම නිලධාරීන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව එම චක්‍රලේයෙ කියයි.රාජ්‍ය ආයතන 300ක් සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කෙරුණේ විශේෂ කමිටුවක් මගින්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More