දේශීය පුවත්

තෛපොංගල් දිනය අදයි

January 15, 2020 3:38 am | Lanka Lead News

ලොව පුරා හින්දු භක්තිකයින් අද තෛපොංගල් දිනය සමරති.

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම මෙම උත්සවයේ අරමුණ ය.

හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය තෛ යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්න ය.

ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැදින්වේ.

නෙලාගත් අස්වැන්නෙහි මුල් කොටස හිරු දෙවියන්ට පුජා කිරීම මෙහි සුවිශේෂ කාර්යයකි.

හින්දු බැතිමතුන් මේ උත්සවයට ස්වභාව ධර්මයා සමග ඒකාබද්ධව කරන පුජෝත්සව අතරින් ලබාදෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

වී අස්වැන්න නෙලීමෙන් ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදූ කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඬක්ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More