දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කොමිසන් සභාවේ කටයුතු අවසන් වූ පසු ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය.

හම්බන්තොට වරාය ගිවිසුම අසාර්ථක සහ ශ්‍රී ලංකා ජනතාවට අසාධාරණයක් කරන ලද ගිවිසුමක් යැයි ද ලංකාදීපයට අදහස් දැක්වූ තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කීවාය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ලිපියක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන් බව කී තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පුළුල් ඉන්දු ශාන්තිකර කලාපයක් සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බව පැවැසුවාය.

ආරක්ෂාව, වෙළෙඳාම හා ආයෝජන ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ඇය කීවාය.

ශ්‍රී ලංකා සංචාරයේදී විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සමාජයේ පාර්ශව සමඟ ද සාකච්ඡා පැවැත්වූ බව ඇය පැවැසුවාය.

ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ධුරය හොබවයි. එමෙන්ම ඇය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි.

මෙම අවස්ථාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝජ්‍ය සහායිකා සහ ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More