දේශීය පුවත්

ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ
පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමකි.
ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය
(Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු විදේශ අමාත්‍ය
සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ
යමමොතෝ (Kozo Yamamoto) යන මහත්වරු අද පස්වරුව වන තෙක් රට
තුළ රැඳී සිටියහ.

බිඳ වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම තම ධූර කාලය තුළ අපේක්ෂිත
ප්‍රධානතම කාර්යය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක
බලවතුන් හමුවේ කියා සිටියේය.
ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ නායකයෝ ශ්‍රී ලංකාව
ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සිය උපරිම සහය දෙන බව
ප්‍රකාශ කළහ.

තැති ගැන්මට ලක්ව තිබූ සමාජය සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත්
කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සියලු නියෝජිතයන්ගේ
පැසසුමට ලක් විය.

ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක්
අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බවට සියලු
විදේශ නියෝජිතයෝ ප්‍රතිඥා දුන්හ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය)
2020-01-14

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More